දේශීය

බලන්ගොඩ බස් අනතුරකින් ගැබිණි මවක් ඇතුළු 05 කට තුවාල

(UTV | බලන්ගොඩ) – අද (18 ) පස්වරුවේ බලන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලිස්සායාම හේතුවෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතුළු 05 දෙනෙක් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත.

අධික වර්ෂාව පැවති අවස්ථාවේ බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ වැඩිපිරිසක් කාන්තාවන් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියට අදාළ පෞද්ගලික බස්රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර , අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව බළන්ගොඩ පොලීසිය පවසයි.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment