දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 200 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (17) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති  නාවික හමුදා පුද්ගලයින් ගණන 204 ක් බව සඳහන්.

මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Related posts

නළ ජලය ගැන බය හිතෙන හෙළිදරව්වක්

Editor O

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

Mohamed Dilsad

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment