දේශීය

විවෘත කල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරීක්ෂා කිරීම අද සිට

(UTV | කොළඹ)  – විවෘත කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අද (18) සිට පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තවද ආයතන පරීක්ෂාවට පැමිණෙන පුද්ගලයින්ට සහය ලබා දෙන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර විවෘත කර ඇති ඇගලූම් කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළට

Editor O

රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Editor O

රට වැසීමේ කිසිඳු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

Leave a Comment