දේශීය

මහ මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

(UTV | කොළඹ ) – අද (18) ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම ආරම්භ කෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන අනෙකුත් සාමාජිකයන් වේ.

නීතීඥ චරිත ගුණරත්න , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම යන අය රාවය පුවත්පතේ හිටපු කර්තෘ විකටර් අයිවන් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර තිබේ.

මැතිවරණ කොමිසම , එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් , ජනාධිපති ලේකම්වරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා
මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි , ආචාර්ය ගුණදාස අමරසේකර , නීතීඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත , ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනෙකු ගොනු කර අතරමැදි පෙත්සම්ද අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතයි.

Related posts

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

අද සිට බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට

Mohamed Dilsad

විශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment