Trending News

ජනපතිගෙන් මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා

(උදයම්,කොළඹ)  –  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කරයි.ඒ ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසය.

මැලේසියාවේ සුප්‍රකට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ (27) ජනාධිපතිවරයා හමු වුහ.

එම අවස්ථාවේදීයි ජනාධිපතිවරයා ඔවුන්ට මෙම ආරාධනය සිදුකර තිබේ.

මෙරට සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කරගැනීමේ හැකියාව පිලිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයේ නිරත වූ බව මැලේසියානු ආයෝජකයින් එහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බව පෙන්වා දුන් එම ව්‍යාපාරිකයින් ඒ පිළිබඳව සොයා බලන ලෙසට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවසා තිබේ.

Related posts

திருமணம் முடிந்த கையோடு இராணுவ சிப்பாய் செய்த காரியம்…

Mohamed Dilsad

Lankan family found stranded on sand dune off

Mohamed Dilsad

காமினி செனரத் உள்ளிட்டோரின் வழக்கு தினம் தோறும் விசாரணைக்கு…

Mohamed Dilsad

Leave a Comment