Trending News

ජනපතිගෙන් මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා

(උදයම්,කොළඹ)  –  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කරයි.ඒ ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසය.

මැලේසියාවේ සුප්‍රකට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ (27) ජනාධිපතිවරයා හමු වුහ.

එම අවස්ථාවේදීයි ජනාධිපතිවරයා ඔවුන්ට මෙම ආරාධනය සිදුකර තිබේ.

මෙරට සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කරගැනීමේ හැකියාව පිලිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයේ නිරත වූ බව මැලේසියානු ආයෝජකයින් එහිදී අවධාරණය කර ඇත.

එමෙන්ම තමන් ශ්‍රී ලංකාවට ගෑස් සහ පෙට්රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත් දීර්ඝ කාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බව පෙන්වා දුන් එම ව්‍යාපාරිකයින් ඒ පිළිබඳව සොයා බලන ලෙසට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවසා තිබේ.

Related posts

உலக சந்தையில் மசகு எண்ணெய் விலையில் அதிகரிப்பு

Mohamed Dilsad

கஷ்டமான சந்தர்ப்பங்களிலும் நான் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியை காப்பதற்கு முயற்சி செய்தேன் – மஹிந்த

Mohamed Dilsad

ரஷ்யாவிற்கு நான்கு ஆண்டுகள் தடை [VIDEO]

Mohamed Dilsad

Leave a Comment