ව්‍යාපාරික

කොරෝනා වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ටි‍්‍රලියන 8 ක පාඩුවක්

(UTV | කෝවිඩ් -19)  – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ටි‍්‍රලියන 8.8 කට ආසන්න විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

එමඟින් නිකුත් කළ යාවත්කාලීන වාර්තාවේ දැක්වෙන්නේ ඩොලර් ටි‍්‍රලියන 5.8 සිට 8.8 දක්වා එය විචලනය විය හැකි බවයි.

එය ගෝලීය දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.4 සිට සියයට 9.7 අතර ප්‍රතිශතයක්.

ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේ  කොරෝනා ගෝලීය වසංගතයෙන් ආසියාතික කලාපයට කෙටි කාලීනව ඩොලර් ටි‍්‍රලියන 1.7ක සහ දිගුකාලීනව ඩොලර් ටි‍්‍රලියන 2.5 ක පාඩුවක් සිදුවිය හැකි බවයි

එය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික අපගමනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රතිශතයක්.

Related posts

පෙබරවාරියේ වාහන ආනයනය තීන්දුයි. – බද්ද සියයට 200% – 300%ක්- ගැසට් පත්‍රය මෙන්න

Editor O

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මුදල් ප්‍රදානයක්

Mohamed Dilsad

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

Leave a Comment