ව්‍යාපාරික

කොරෝනා වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ටි‍්‍රලියන 8 ක පාඩුවක්

(UTV | කෝවිඩ් -19)  – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව ඩොලර් ටි‍්‍රලියන 8.8 කට ආසන්න විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

එමඟින් නිකුත් කළ යාවත්කාලීන වාර්තාවේ දැක්වෙන්නේ ඩොලර් ටි‍්‍රලියන 5.8 සිට 8.8 දක්වා එය විචලනය විය හැකි බවයි.

එය ගෝලීය දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.4 සිට සියයට 9.7 අතර ප්‍රතිශතයක්.

ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේ  කොරෝනා ගෝලීය වසංගතයෙන් ආසියාතික කලාපයට කෙටි කාලීනව ඩොලර් ටි‍්‍රලියන 1.7ක සහ දිගුකාලීනව ඩොලර් ටි‍්‍රලියන 2.5 ක පාඩුවක් සිදුවිය හැකි බවයි

එය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික අපගමනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රතිශතයක්.

Related posts

මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා දෙගුණ කෙරේ

Mohamed Dilsad

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment