දේශීය

මෙරටින් තවත් ආසාදිතයන් පිරිසක් සොයාගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන් තවත් 12 දෙනෙකු හමුවීමත් සමග සමස්ත ආසාදිත පිරිස 949 දක්වා ඉහළ යනු ඇත.


(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 937 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ගතවූ පැය 24 දී තවත් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ දිනයේදී 20 දෙනෙකු නාවික රෝහලින්ද , 15 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද , 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද , 02 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද , එක් අයෙකු හෝමාගම මූලික රෝහලින්ද පිටව ගොස් තිබේ.

මෙරටින් හමුවූ මුලු කොවිඩ් -19 ආසාදිතයන් 937 දෙනාගෙන් 408 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබයි.

Related posts

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

තුන්වන දිනටත් කොරෝනා මරණ සියය ඉක්මවයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment