දේශීය

ජනපති ගෙන් යෝජනාවක්

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව හෙවත් ‘COP28’ සමුළුවට ඩුබායිහි එක්පෝ සිටිහිදී එක් වෙමින් ජනිධිපතිවරයා අවධාරණය කළේ ඒ සඳහා නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි.

 

පස්වැනි ආසියා පැසිපික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදය එකඟ වූ දේශගුණික සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත.

 

පරිසර දූෂණය පාලනය කිරීම සහ ස්වාභාවික විසඳුම් සඳහා විශාල ආයෝජන කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

 

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සහ අනිකුත් රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධ මුලපිරීම් පිළිබඳ වාර්තා කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් කැඳවීමට අපේක්ෂා කරන බවයි.

 

එමඟින් සම්පූර්ණ නිවර්තන කලාපය පුරා පමණක් නොව සමස්ත ලෝකය පුරා බහු ආංශික සැලැස්මක් බෙදා හැරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

Mohamed Dilsad

ඇමෙරිකානු තීරු බදු, තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා ගැන රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment