දේශීය

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය කෝටි 100 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – අද පස්වරුව වන විට කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවා ඇත.

එම අරමුදලට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කර තිබේ.

ඊට අදාළ චෙක්පත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු විසින් අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර , චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

Related posts

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසකට වරෙන්තු

Editor O

උද්ධමනය ඉහළ යයි

Mohamed Dilsad

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment