දේශීය

ප්‍රතිශෝධන පෙත්සමට රාජිතගෙන් අත්සන් ගැනීමට අවසර

(UTV | කොළඹ) – බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ අභියාචනයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට අවශ්‍ය අත්සන් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අවසර ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර තිබේ.

ඇප නියෝගය බල රහිත කරමින් පසුගියදා ලබාදුන් මහාධිකරණ නියෝගයට එරෙහිව රාජිත සේනාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඊට අදාළ ලේඛන වලට ඒ මහතාගෙන් අත්සන් ලබා ගැනිම සඳහා නීතිඥවරුන්ට ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියොගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරු අද මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Related posts

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

අත්අඩංගුවට ගත් ගුරුවරුන් බැලීමට ගිය සජිත්ට පොලිසියෙන් බාධා

Mohamed Dilsad

එක්දරු පියෙකු ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment