දේශීය

ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාරයක්

(UTV | කොළඹ) – රජය විසින් යෝජිත, පාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

එමෙන්ම, කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මතු ව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාව පවතින පාසල් 100 ක් හඳුනා ගනිමින් එම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3 ක මූල්‍යාධාර ලබාදීමට ද මේ යටතේ එකඟතාවය පළ විය.

මීට අමතරව, දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව රජය විසින් යෝජිත වැඩපිළිවෙළ අනුව, සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන පාසල් තුළම පිළියෙළ කර ගැනීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර, ඒ සඳහා පාසල් මුළුතැන්ගෙවල් ස්ථාපනය කිරීමටද ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක මූල්‍ය ආධාර ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ – WFP (World Food Programme) ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Brenda Barton මහත්මිය ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අද(13) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදී මෙම එකඟතාවන්ට එළඹිණි.

Related posts

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි….?

Editor O

යුද්ධ හමුදාවේ 14,500කට අධික පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

ලාංකිකයන්ට බූස්ටර් එන්නතක් දීමට මෙතෙක් අවසන් තීරණයක් නෑ

Mohamed Dilsad

Leave a Comment