දේශීය

ඥානසාර හිමි ඇතුළු තිදෙනෙක්ට එරෙහිව ඇති පැමිණිල්ලක් සලකා බැලීම කල් යයි

(UTV| කොළඹ) –  බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් 16 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහතුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබුවේය.

අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සිදු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ මුලතිව් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වගඋත්තරකරුවන් කරමින්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන රජයේ ස්ථාවරය

Editor O

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment