දේශීය

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 31 වනදා තෙක් දීර්ඝ කරන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ලොව පුරා ගමනාන්ත රැසක ක්‍රියාත්මක සංචාරක බාධක රෙගුලාසි ඊට හේතුව බවයි.

කෙසේවෙතත් ආර්ථික කටයුතු ආරම්භවීමත් සමග මෙතෙක් පනවා තිබූ ඇතැම් ගමනාගමන බාධා ලිහිල් කිරීම හමුවේ ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං නගර දක්වා මගී ප්‍රවාහන ගුවන් සේවා නැවත ආරම්භ කල බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

Related posts

‘ද ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා සිට සහනයක්

Mohamed Dilsad

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

Mohamed Dilsad

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල නෙලුම් කුළුණ හෙට සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment