දේශීය

ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවීම යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 31 වනදා තෙක් දීර්ඝ කරන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ලොව පුරා ගමනාන්ත රැසක ක්‍රියාත්මක සංචාරක බාධක රෙගුලාසි ඊට හේතුව බවයි.

කෙසේවෙතත් ආර්ථික කටයුතු ආරම්භවීමත් සමග මෙතෙක් පනවා තිබූ ඇතැම් ගමනාගමන බාධා ලිහිල් කිරීම හමුවේ ලන්ඩන්, ටෝකියෝ, මෙල්බර්න් සහ හොංකොං නගර දක්වා මගී ප්‍රවාහන ගුවන් සේවා නැවත ආරම්භ කල බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

Related posts

අදානි සමාගමට රු. මිලියන 300ක වන්දියක් මහජන මුදලින් ගෙවීමට මාලිමා ආණ්ඩුව සූදානම්වෙයි…?

Editor O

රා බද්ද පනවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනපති වර්ණ ප්‍රදානය කරයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment