දේශීය

ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට ඉඩ ලබාදී ඇති ආයතනික හැඳුනුම්පත සහ අවසර ලිපි අවභාවිත කරන්නන් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇති බවයි.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ගම් බිම් බලා යාමට නොහැකිව ගම්පහ පොලිස් කොට්ඨාසයේ රැඳී සිටි පුද්ගලයින් 2,000 කට ආසන්න පිරිසක් අද පිටත් කර හැරියේය.

ඒ ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදියි.

ඔවුන් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සිය ගම්බිම් වෙත පිටත් කර හැර ලැබුවේය.

Related posts

විදුලිබිල යළි ඉහළට

Mohamed Dilsad

“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා”

Mohamed Dilsad

රාජ්‍ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.

Editor O

Leave a Comment