දේශීය

අමාත්‍ය මහින්ද අමරවීරගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

(UTV | කොළඹ) – පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙසයි.

මෙම පහරදීම තරයේ හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයෙකුට සිය රාජකාරි අවස්ථාවේ පහරදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බැවින් ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන සියලූ නිකුත් කළ රාජ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සැළසීම රජයේ වගකීමක් බව එම අමාත්‍යාංශය නිවේදනයේ සඳහන්.

Related posts

හිටපු ඇමති විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

කොළඹ නගර සභා රැස්වීමට ඒසී දාන්න දවසට ලක්‍ෂ හතරක්..

Editor O

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment