දේශීය

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට (13) නිකුත් කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජිත සේනාරත්න අධිකරණය මඟහැර කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එම සැකකරුට ඇප ලබාදීමේ දී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට ලක් නොකළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසි පරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Related posts

තවත් ආසාදිතයින් 6දෙනෙක්

Mohamed Dilsad

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් හය දෙනා රිමාන්ඩ් | පොලිස් නිලධාරි⁣යෙකුගේ වැඩ තහනම්

Editor O

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

Mohamed Dilsad

Leave a Comment