දේශීය

සුවය ලැබූ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

ඒ ඔවුන් සිදු කල පී සී ආර් පරීක්‍ෂණ මගින් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු කර ගැනීමත් සමඟයි.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 14 දෙනෙක් නාවික මහ රෝහලෙහිද, දෙදෙනෙක් මුල්ලේරියාව රෝහලින්ද, තවත් දෙදෙනෙක් හෝමාගම රෝහලින්ද අනෙක් නාවික හමුදා පුද්ගලයා වැලිකන්ද රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළු මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 52ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Related posts

තවත් 475 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ සදහා අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් නතර කෙරේ

Mohamed Dilsad

ජනමාධ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලට නව ලේකම්වරුන් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment