දේශීය

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

(UTV | කොළඹ ) – අද (11) දිනයේ සිට මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කෙරේ.

මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇත.

Related posts

ආර්ථිකය ගොඩනැගීමට SJB පූර්ණ සහය

Mohamed Dilsad

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment