දේශීය

දුම්රිය සහ ලංගම විසින් අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම්

(UTV | කොළඹ ) – අද (11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර මේ සදහා ද වලංගු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සදහන් කළේය.

දුම්රියෙන් ගමන්කළ හැක්කේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කර ගත් පුද්ගලයින් සඳහා පමණ වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසුවේය.

මගීන් 2800 දෙනෙකු පමණ ඒ සදහා ඉල්ලුම් කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දුම්රිය 10ක් ඒ සඳහා යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

Related posts

ලබන 24 දක්වා අධිකරණ කිහිපයක නඩු කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

UPDATE – මිරිහානේ විරෝධතාවයෙන් 54ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායනයට ගෙන ගිය කාන්තාව මියගියේ කොරෝනා වලින් නොවේ

Mohamed Dilsad

Leave a Comment