දේශීය

සුළු පක්ෂ නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – මෙවර මහ මැතිවරණය සඳහා සන්ධාන ගතව ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල සුළු පක්ෂ නියෝජිතයින් සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එළඹෙන 12 වන අඟහරුවාදා පස්වරු 2.30ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධාන්තවයෙන් පසුගියදා දැනට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වෛරස තත්ත්වය සහ එළඹෙන මහ මැතිවරණයේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණි.

ප්‍රධාන පක්ෂ සදහා සහයෝගය ලබාදෙන සුළු පක්ෂ දැනුවත් කිරීමක් එහිදී සිදුනොවුණු අතර මෙවර එම සුළු පක්ෂ දැනුවත් කිරීමට පියවර ගනු ඇත.

Related posts

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

Editor O

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!

Editor O

කටුනායක අධිවේගය භාවිත කරන අයට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment