දේශීය

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

(UTV | කෝවිඩ්-19) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

රජය මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් අදාල කටයුතු සිදු කිරීමට ආයතන ප්‍රධානීන්ට මේ වන විටත් වගකීම් පවරා ඇති බව සදහන් වේ.

පෙරවරු 10.00 ට පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු අතර සේවයට කැදවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති අතර අදාල කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Related posts

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් අදත් සොයයි

Mohamed Dilsad

පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසක කාලය තීරණාත්මකයි

Mohamed Dilsad

බුද්ධික විට්ටහච්චි රෝහලේ නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීමට

Editor O

Leave a Comment