දේශීය

තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් IDH රෝහලින් පිටව යයි

(UTV | කෝවිඩ්-19) – අද (07) කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

මෙම නාවික පුද්ගලයින් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වන අතර, ඔවුන් කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවන් ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහල වෙත ඇතුලත් කළ බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර වරින්වර සිදු කල PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

Related posts

කොරෝනා ආසාදිතයන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

තෙවන පාර්ශවයක පරීක්ෂාවකින් පසුවත් චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ

Mohamed Dilsad

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment