දේශීය

මහ මැතිවරණය සඳහා කොමිසමට අවසන් මාර්ගෝපදේශ නිකුත් කර නැත

(UTV | කොළඹ ) – සෞඛ්‍ය අංශ විසින් මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අවසන් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියාසිටියේ ඒ අනුව සූදානම් විය යුතු මූලික අංශ පිලිබඳ අතුරු වාර්තාවක් පමණක් ඉදිරිපත් කර ඇති බවයි.

ඉදිරිපත්වී ඇති යෝජනා සමාලෝචනය කරමින් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

මහා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ කුමන කාලයේද යන සාධකය ඇතුලු තවත් සාධක කිහිපයක් අනුව අනුගමනය කල යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශද වෙනස් විය හැකි බව අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසම වෙත ලබාදෙන නිල සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු සෞඛ්‍ය බළධාරීන්ගේ සහ විවිධ අංශ නියෝජනය කරන විශේෂඥයන්ගේද නිර්දේශ සැලකිල්ලට ගෙන තවදුරටත් සමාලෝචනය කර කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ඔවුන් නිකුත් කල නිවේදනයේ දැක්වේ.

Related posts

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

Mohamed Dilsad

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල සිරවී සිටි ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

Editor O

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment