දේශීයප්‍රමුඛ පුවත 1

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා 2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද සහභාගිවීමට නියමිතව තිබේ.

ඔවුන් විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

තවද හෙට (04) පැවැත්වීමට නියමිත එම රැස්වීමට විපක්ෂය නියෝජනය කරන පාර්ශව කිහිපයක් සහභාගී නොවීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ තවත් කණ්ඩායම් කිහිපයක් සහභාගිවීමටයි තීරණය කර ඇත.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වන අතර, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි නොවන බවට වාර්තා වේ.

Related posts

ඇමර්සන් කොලේජ් උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාර්ඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

නව පනතෙන් බැංකු තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment