දේශීයව්‍යාපාරික

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය

(UTV | කොළඹ) – ආනයනික කිරිපිටි මිලට සමවන පරිදි දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර ලබාදී තිබේ.

මිල්කෝ, පැල්වත්ත සහ නෙස්ලේ යන දේශීය කිරිපිටි සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි මීට අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වෙතත් මීට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

පාරිභෝගික සේවා අධිකාරිය ලබාදුන් අවසරයට අනුව රුපියල් 345 ක්ව පැවති ග්‍රෑම් 400 දේශීය කිරිපිටි පැකට්ටුව රුපියල් 380 දක්වා මිල ඉහළ නංවා ඇති බව මිල්කෝ සමාගම දන්වා සිටි අතර , රුපියල් 860 ක්ව පැවති කිලෝග්‍රෑම් 1ක කිරි පැකට්ටුවක් රුපියල් 945 දක්වා ඉහළ නැංවූ බව මිල්කෝ සමාගම සඳහන් කර සිටියි.

Related posts

පළාත් පාලන ආයතන ගැන ආ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති නාමල් සහ, මන්ත්‍රී ටීබී සරත් ⁣ගුටි නොකා නූලෙන් බේරෙයි.

Editor O

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1857 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment