දේශීය

යුද්ධ හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

(UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි වෙත ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කර ඇත.

ඊයේ (29) දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් COVID-19 වසංගතයට එරෙහි ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවලට සහයෝගය දැක්වීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සුහද පිළිසදරක නිරත වෙමින් හිස් ආවරණ සහ මුව ආවරණ තොගයක් පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකාව පදනම් කරගත් ඕස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් ‘Ansel’ ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් 150,000 වටිනාකමකින් පුද්ගලික ආරක්ෂක උපකරණ 10,200 ක් සහ අත්වැසුම් 200,000 කින් සමන්විත භාන්ඩ තොගයක් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලදී.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී අතර පැවති හමුවේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු ඩේවිඩ් හොලි (David Holly) සඳහන් කර සිටියේ තම රජය කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම සඳහා ශ්‍රි ලංකාව ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහයෝගය දැක්වීමට ඕනම මොහොතක සූදානමින් සිටන බවයි.

මෙහිදි ඕස්ට්‍රේලියානු සහයෝගීතාවය සහ සුහදත්වයේ සංකේතය අගය කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඕස්ට්‍රේලියාවේ පරිත්‍යාගනයන් සුහඳව පිළිගත් අතර, දෙරට අතර පවතින සුහදතාවය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සිය සුබ පැතුම් එක් කළේය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ ඇන්සල් ‘Ansell’ ආයතනයේ ශ්‍රි ලංකා වෙළඳ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වුහ.

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 6 කට තද වැසි

Mohamed Dilsad

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment