දේශීය

අධ්‍යාපන කටයුතු කාර්ය සාධක බලකායට නව සාමාජිකයන් තිදෙනෙක්

(UTV | කොළඹ ) – අධ්‍යාපන කටයුතු පිළිබඳ කාර්ය සාධක බලකායට තවත් සාමාජිකයන් තිදෙනෙකු පත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත , ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ පී එන් අයිලප්පෙරුම යන අය එලෙස පත් කර ඇත.

කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු නව්‍යකරණයන් සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සැලකිල්ලට ගෙන මෙම පත්කිරීම් සිදුකර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ නිසි විශය නිර්දේශයන් – විභාග කටයුතු ආදිය සම්බන්ධයෙන් සහ දුරස්ථ අධ්‍යාපන සම්බන්ධයෙන් සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමෝපායන් සඳහා තොරතුරු තාක්ෂණ මැදිහත්වීම්වල අවශ්‍යතාවයද එහිදී සළකා බැලුණු බවයි.

Related posts

එජාපය සහ සජබය එක්කිරීමට අභ්‍යන්තර සාකච්ඡා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment