දේශීය

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

(UTV | කොවිඩ් 19 ) –  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ නියෝගය යළි කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම්කර තිබේ.

ජනාධිපතිවරයා වෙත වගකීමෙන් සහයෝගය දීමේ කොන්දේසිය මත අදාළ යෝජනාව අද දිනයේ ජනාධිපතිවරයා වෙත යැවූ බව සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අත්සන් තබා ඇත.

මීට අමතරව, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ද අත්සන් තබා ඇති බව සඳහන්.

මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් යොමු කරන ඔවුන් පවසන්නේ පවතින අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාට වගකිව යුතු සහයෝගයක් ලබාදීමට සිය පක්ෂ සූදානම් බවයි.

Related posts

රාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

Leave a Comment