ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද සිට

(උදයම්,කොළඹ)  – කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙවර විභාගය පැවැත්වෙන්නේ පරිගණක ආශ්‍රයෙන් පමණි.

අද සිට මාස 4 ක කාලයක් පන්නිපිටියේ පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව දිනකට අපේක්ෂකයින් 320 කට පමණක් විභාගයට පෙනී සිටීමේ හැකියාව තිබේ.

අයදුම්කරුවන් 22,888 දෙනෙකු මෙවර  කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයට සුදුසුකම් ලබා සිටින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Related posts

අකුරැස්සේ බස් රථ අනතුරෙන් 52 කුට තුවාල

Mohamed Dilsad

නීති විරෝධී ලිපි තොගයක් පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමට නව කොමසාරිස් ජනරාල්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment