ප්‍රමුඛ පුවත 1

අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානය ගැන විශේෂ සාකච්ජාවක්

(උදයම්,අම්පාර)  – අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ ඉදිවන බෞද්ධ විහාරස්ථානයක් සම්බන්ධයෙන් ඇතිවු ගැටලුවක් සම්බන්ධයෙන්, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමීයන් ඇතුළු භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් හා, අම්පාර දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (25) දිනයේ අම්පාර කච්චේරියේදි පවත්වා තිබේ.
මෙහිදි අම්පාර මාණීක්කමඩු ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය ඉදිකෙරන ඉඩම් කොටසේ අයිතිය , තමන් සතු යැයි පවසමීන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිදු කළ විරෝධතාවය හේතුවෙන් අතරමග නැවතුණු ඉදිකිරිම් කටයුතු ,යළි ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට දෙපාර්ශවය අතර සාකච්ඡා සිදුව ඇත.
එ අනුව බෞද්ධ විහාරස්ථානය ඉදිකිරිමට එරෙහි එල්ලවනු ලබන විරෝධතා පොලිස් බලය යොදවා හෝ පාලනය කර, එම ඉදිකිරිම් සදහා අවකාශය සලසා දෙන්නැයි ඥානසාර හිමීයන් අම්පාර දිසාපතිවරයාට මෙහිසි උපදෙස් ලබා දී තිබේ.
එසේම මෙම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ඥානසාර හිමීයන් සඳහන් කර ඇත්තේ, කිසියම් කුමන්ත්‍රණයක් මගින් අදාළ විහාරස්ථානය ඉදිකෙරන භූමී භාගය වෙත විරෝධතාකරුවන් අයිතිවාසිකම් කියන බවත් ,එසේම තමන් සතුව පවතින ඔප්පු සියල්ල රැගෙන ඉදිරියේදී ඔවුනට දිවීමට සිදුවන බවත්ය.

Related posts

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

රතන හිමීගේ සහාය ජනාධිපතිට

Mohamed Dilsad

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

Leave a Comment