දේශීය

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

(UTV | කෝවිඩ් -19) – සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

තවද කිසිදු සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාම ද අත්හිටුවා ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ පවතින තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගත් බවයි.

කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති හමුදා සාමාජිකයින් ඇසුරු කළ පිරිස් සම්බන්ධ තොරතුරු මේ වනවිට ලබා ගෙන ඇති බවත් එම තොරතුරු මත එම පිරිස් ද නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරිමට පියවර ගන්නා බවත් නාවික හමුදාපති වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් ට වරෙන්තු

Editor O

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

Mohamed Dilsad

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment