දේශීය

මුම්බායි සිට තවත් සිසුන් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා ඉන්දියාවේ මුම්බායි නගරය බලා පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය පෙරවරු 11.30 ට මුම්බායි වෙත ළගා වීමට නියමිත අතර එය නැවත පස්වරු 2.55 ට සිසුන් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ළගා වනු ඇත.

මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු ගමන් කර නොමැත.

මෙම ගුවන් යානයෙන් පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් පිරිසද නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

ඉන්දීයාවේ මෝදිට බංග්ලාදේශයෙන් සහතිකයක්

Editor O

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් බැසිල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment