දේශීය

මුම්බායි සිට තවත් සිසුන් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා ඉන්දියාවේ මුම්බායි නගරය බලා පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය පෙරවරු 11.30 ට මුම්බායි වෙත ළගා වීමට නියමිත අතර එය නැවත පස්වරු 2.55 ට සිසුන් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ළගා වනු ඇත.

මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු ගමන් කර නොමැත.

මෙම ගුවන් යානයෙන් පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් පිරිසද නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුව ට රතු එළි | 23දා රට පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් කැඳවයි…!

Editor O

දීවයිනේ ප්‍රථම වතාවට යුද හමුදාව ගොවි බිමට

Mohamed Dilsad

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

Mohamed Dilsad

Leave a Comment