දේශීය

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – තොග වෙළඳාම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට පසුගියදා තීරණය කළේය.

දින 3 ක කාලයක් සඳහා පසුගිය 22 දිනයේ සිට මත්ස්‍ය වෙළඳසැල වසා තැබීමට කටයුතු කළේය.

PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු විය.

ඒ අනුව හෙට සිට තොග වෙළඳුන් සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යළි විවෘත කිරීම සඳහා තීරණය කර ඇත.

Related posts

සීයා කියපු කතාව හරියටම හරියයි. ”එල් බෝඩ්”, මාලිමා මන්ත්‍රීගේ සැපරිය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි.

Editor O

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

Mohamed Dilsad

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

Mohamed Dilsad

Leave a Comment