දේශීය

 COVID-19 සෞඛ්‍ය අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

(UTV | කොවිඩ් 19) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 822 ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ මෙම  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කළ හැක.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර , චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතී.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැනගත හැක.

Related posts

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරුවෙන් අවසන්

Mohamed Dilsad

ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාවෙන් [PHOTOS]

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

Leave a Comment