දේශීය

දිවයින පුරා පිහිටි කර්මාන්ත ශාලා 217 ක් විවෘතයි

(UTV| කොවිඩ් 19) –  නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217 ක කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

කර්මාන්තශාලා 217 ක සේවක සේවිකාවන් 30, 269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත වන බවත් , රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කර්මාන්ත ශාලාවල කටයුතු යළි ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 48 ක කටයුතු ආරම්භ කර ඇති අතර බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 35 ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කොග්ගල, සීතාවකපුර, හොරණ, වගවත්ත, වතුපිටිවල, මාවතගම, පොල්ගහවෙල, මල්වතුහිරිපිටිය, මිරිස්සවල හා නුවර  කර්මාන්තපුර හා කර්මාන්ත උද්‍යානවල කටයුතු මේ වන විට ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

 

Related posts

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

කොරෝනා වලට ජපානය සොයා ගත් ඖෂධය ලංකාවටත්

Mohamed Dilsad

කොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇප

Mohamed Dilsad

Leave a Comment