දේශීය

සියලු පක්ෂ මහලේකම්වරුන්ට හෙට මැතිවරණ කොමිසමට තැඳවීමක්

(UTV| කොළඹ) – මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සියලු පක්ෂ මහලේකම්වරුන් හෙට (21) දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

පෙරවරු 10 ට එම සාකච්ඡාව අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්, අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව, සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් සහ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පැවැත්වූයේ දිවයින තුළ පැතිර යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන්.

මෙම තත්ත්වයත් සමග ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් වී තිබෙන බව ද වාර්තා වෙයි.

Related posts

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

Mohamed Dilsad

ත්‍රිරෝද හා පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment