දේශීයප්‍රමුඛ පුවත 1

රිෂාඩ් බදියුදීගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

(UTV |කොළඹ ) – රට තුළ පවතින කොරෝනා ව්‍යසනය තත්ත්වයත් සමඟ මැතිවරණයක් පැවත්වීමට දිනයක් තීරණය නොකාරන ලෙස සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

රිෂාඩ් බදුර්දීන් මහතා මෙම ලිපිය යොමු කරමින් අවධාරණය කර ඇත්තේ රටේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් හා ආරක්ෂක අංශය සමඟ සාකච්ඡා කර ඇදිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසයි.

මේ අවස්ථාවේ සියළු පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර දිනයක් දැනුම් දෙන තුරු මැතිවරණයක් පැවැත්වීමට දිනයක් තීන්දු නොකරන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා මෙම ලිපිය යොමු කරමින් ඉල්ලා තිබේ.

අදාළ ලිපිය පහතින්,

Related posts

ඇඳිරි නීතිය කඩකළ පිරිස පන්දහස ඉක්මවයි

Mohamed Dilsad

කථානායකට එරෙහිව විපක්ෂය කරන්න යන දේ.

Editor O

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment