දේශීය

මානව හිමිකම් නිලධාරීන් ලෙස පෙනී සිටින පිරිසක් පිළිබඳ තොරතුරු

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අකටයුතුකම්වල නිරත වන කණ්ඩායමක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවත් , රාජ්‍ය ලාංඡනය සහිත හඳුනා ගැනීමේ කාඞ්පතක් පැළද ඔවුන් මෙම කටයුතුවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවත් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම තොරතුරු සම්බන්ධයෙන් කොමිසම දැඩි අවධානය යොමු කර ඇත.

මහජනතාව වෙත පැමිණෙන යම් නිලධාරියෙකු සත්‍ය වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව නියෝජනය කරන්නේ දැයි 1996 අංකයට ඇමතීමෙන් තහවුරු කර ගත හැකි බව එම කොමිසම නිවේදනය කර සිටියි.

Related posts

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

Leave a Comment