ගොසිප්

මාංශ සඳහා ගත හැකි සතුන්ගේ නම් චීන රජය ලැයිස්තු ගතකරයි

(UTV | චීනය) –  චීන ජනයාගේ මාංශ අවශ්‍යතා සඳහා ගොවිපොළ වල ඇති කළ හැකි සත්ත්ව ලැයිස්තුවක් නිකුත් කරන්නට එරට රජය පියවරගෙන ඇති බව වාර්තා වෙයි.

මුළු ලොවටම දරුණු බලපෑමක් එල්ල කල කොරෝනා වෛරසය වුහාන්හි සත්ත්ව වෙළෙඳ කලාපයකින් ආරම්භ වීම සැලකිල්ලට ගනිමින් මෙම තිරණය ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව මින් ඉදිරියට මාංශ සඳහා පණ ඇතිව තබාගත හැකි සතුන්ගේ ලැයිස්තුවක් චීන කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

ඌරන්, ගවයන්, කුකුළන් සහ බැටලුවන් මෙසේ මාංශ සඳහා ඇති කිරීමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

නරි විශේෂ දෙකක්,  රැකූන් සහ මුගටියන් ඇති කළ හැකි නමුත් මාංශ සඳහා ඇති කිරීම තහනම් වෙයි.

Related posts

කැරොලයින් නිහඬතාවය බිඳ දමමින් කරළියට

Mohamed Dilsad

මේ ප්‍රශ්ණයට මාව සම්බන්ධ කර ගැනීමෙන් ජාතියේ ප්‍රතිරූපයට තවත් හානියක් වෙනවා

Mohamed Dilsad

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණය

Mohamed Dilsad

Leave a Comment