දේශීයව්‍යාපාරික

සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – සහල් වර්ග කිහිපයකට අද (10) සිට බලාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් පැනවීමට කටයුතු කර ඇත.

ඒ අනුව සුදු හා රතු කැකුලු සහල් කිලෝවක් රුපියල් 85 කටද , සුදු හා රතු කැකුලු සම්බා සහල් කිලෝවක් රුපියල් 90 කටද යටත් කර තිබෙන අතර , කීරි සම්බා කිලෝවක් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල රුපියල් 125 ක්.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ සුදු හා රතු සම්බා සහල් කිලෝවක් රුපියල් 90 ක උපරිම සිල්ලර මිලකටද සුදු හා රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 90 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

මීට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද නියමයන් කඩකර වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාවට නංවන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේය.

 

 

Related posts

රන් මිල ඉහළට

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක්

Mohamed Dilsad

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

Leave a Comment