දේශීය

අනුරාධපුර රෝහලෙන් පැන ගිය තරුණයෙක් අත්අඩංගුවට

(UTV |අනුරාධපුරය ) – කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  19 හැවිරිදි තරුණයෙකි.

ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගිය දා රෝහල් ගත කර තිබුණි.

ඔහු ඊයේ රාත්‍රියේ මෙලෙස පළා යමින් සිටියදී ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම තරුණයා කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

රන්ජන් යළිත් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය නතර නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment