දේශීය

අනුරාධපුර රෝහලෙන් පැන ගිය තරුණයෙක් අත්අඩංගුවට

(UTV |අනුරාධපුරය ) – කොරෝනා වෛරසය ශරීරගත වී ඇත්දැයි ඇති වූ සැකයක් මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නිසා බියට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  19 හැවිරිදි තරුණයෙකි.

ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා මොහු පසුගිය දා රෝහල් ගත කර තිබුණි.

ඔහු ඊයේ රාත්‍රියේ මෙලෙස පළා යමින් සිටියදී ඔයාමඩුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම තරුණයා කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයා අනුරාධපුර රෝහල වෙත භාර දුන් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

Mohamed Dilsad

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment