දේශීය

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ දින ගනණාවක් අවස්ථා කිහිපයකදී දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම ප්‍රදේශයේ 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා සම්බන්ධ වී ඇති බවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන බව වැඩිදුරටත් සඳහන්.

Related posts

පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

පකිස්ථානයේ 75 වන නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී සමරනු ලබයි

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment