දේශීය

කොරෝනා පිලිබඳ අසත්‍ය ප්‍රචාර පළ කෙරු 9 ක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කළ සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම පිරිසට එක් කාන්තාවක් ද අයත්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරගම, මහනුවර, දෙහිවල, මහරගම, නුගේගොඩ, ගාල්ල, වාද්දුව, අංගොඩ සහ පොල්ගහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.

Related posts

ජංගම වෙළඳසැල් නිවෙස් අසලටම පැමිණීමේ ක්‍රමවේදය අද(03) සිට

Mohamed Dilsad

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

Leave a Comment