දේශීය

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් වෙතට නිරෝධායන මධ්‍යස්ථානයකට යෝජනා

(UTV| කොළඹ) – දිවයිනේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ කොරෝනා ආසාදිත බවට සැක සමහර පුද්ගලයින් නිරෝධායනය කිරීමට ඔවුන්ගේ නිවාස වල ඉඩ කඩ ප්‍රමාණවත් නොවන අවස්ථා ඇති බැවින් මෙම ඉල්ලීම කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම , මෙම දිනවල ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි මේ සඳහා සකසා ගත හැකි බවට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය යෝජනා කරයි.

Related posts

බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාර

Editor O

පාස්කු ප්‍රහාරය කළ අය ළඟදීම හෙළිවේවි – අගරදගුරු

Editor O

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment