දේශීය

මෙම වසරේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද රෑ ආකාසේ

(UTV | කොළඹ) –  මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ සමග බුද, සිකුරු, අගහරු, බ්‍රස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5 ක් දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින වන අද (07) දිනයේ දී රාත්‍රී අහසේ දැකගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැදින්නුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමග ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හදුන්වයි.

පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී චන්ද්‍රයා, පෘථිවියට ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනකදී වඩා 14%  විශාලව හා 30% වඩා දීප්තිමත්ව, පෙනෙන නීසාවෙන් එයට සුපිරිසද යන නම භාවිතා කරනු ලැබේ.

Related posts

කෝටි 10ක වන්දිය ගෙවන්න මට කොහෙත්ම ආර්ථිකයක් නෑ -මෛත්‍රී

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ වැටුප් ගැටළු ගැන සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment