දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

(UTV |කොළඹ ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන ආකාරයට අද(07) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොළඹ 09, කොළඹ 14, නවගම්පුර යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

අද පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

කොළඹ 15 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment