විදෙස්

කොරෝනා මැඩලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව සීමාවන්

(UTV| කොළඹ) –  ගෝලීය තර්ජනයක් වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය ඉහළ යමින් පවතින එක්සත් අරාබි එමීර් රාජ්‍යය එය මැඩලීම සඳහා නව සීමාවන් ඊයේ (04) ප්‍රකාශයට පත්කර තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් පසුගිය සති දෙක පුරාවටම එහි ජන සංචරණය සීමා කර තිබූණි.

මෙම සීමාවන්ට අමතරව පැය 24 පුරා එමීරයේ සෑම ප්‍රදේශයක්ම විෂබීජානුහරණය කිරීමටද පියවර ගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 1,500 ඉක්මවා ඇති අතර මරණ 10 ක්ද වාර්තා වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාගරික දුම්රිය සහ ට්‍රෑම් රථ සේවාවන්ද අත්හිටුවා ඇති අතර, සෞඛ්‍ය සේවා, මාධ්‍ය සහ බෙදාහැරීම් ඇතුලු අත්‍යාවශ්‍ය අංශවල අයට පමණක් සුපිරි වෙළඳසැල් සහ ඖෂධ ශාලා විවෘතව පවතියි.

සෞදි අරාබිය හැරුණු කොට ගෝලීය වසංගතයෙන් වැඩිම හානියක් සිදුව ඇති ගල්ෆ් රාජ්‍යය වන්නේ එක්සත් අරාබි එමීරයයි.

Related posts

රටවල් 75ක මන්කිපොක්ස් පැතිරෙයි

Mohamed Dilsad

අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක්

Mohamed Dilsad

රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවුවන් නිදහස් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment