දේශීය

ගතවූ පැය 24 තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට

(UTV |කොළඹ ) – ගත වු පැය 24 ක කාලය තුළ  ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා කාලය දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණි.

එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද පොලීසිය පවසයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු කොමිසම හමුවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් කැඳවයි

Mohamed Dilsad

ධීවර, නාවික කටයුතුවල නිරත වීමේදී අවධානයෙන් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment