විදෙස්

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

(UTV | ඇමෙරිකාව) –  ‘තියඩෝර් රූස්වෙල්ට්’ නෞකාවේ නාවිකයන් කොරෝනා වයිරසයෙන් මියයෑමේ අවදානමක් තිබෙන ඉතා ඉක්මනින් ඔවුන් බේරාගත යුතු බවත් එම නෞකාවේ කපිතාන්වරයා අවධාරණය කරයි.

මෙම නෞකාව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් වන අතර , ගුවන් යානා ද රැගෙන යා හැකිය.

නෞකාවේ 5,000කට වැඩි පිරිසක් සිටින බවත් , කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ගණන නිශ්චිතව කිව නොහැකි බවත් කපිතාන්වරයා සඳහන් කරයි.

එම නෞකාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය සතියේ වන අතර බටහිර ශාන්තිකර කලාපයේ ඇමෙරිකාවට අයත් පරිපාලන දූපතක් වන ගුවාම් ආසන්නයේ මෙම නෞකාව නැංඟුරම් ලා ඇත.

මේ සඳහා කඩිනම් පියවර ගන්නැයි ද නෞකාවේ කපිතාන්වරයා ඇමෙරිකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන අතර මෙම නෞකාව සතුව න්‍යෂ්ටික බලශක්තිය ද ඇත.

Related posts

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

Mohamed Dilsad

ජර්මනියේ 19 වන ශතවර්ෂයට අයත් නෞකාවක් අනතුරට.

Mohamed Dilsad

Leave a Comment