විදෙස්

බ්‍රිතාන්‍ය පැය 24 ක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරයි

(UTV| බ්‍රිතාන්‍ය) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් එක්සත් රාජධානිය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව 563 ක් ලෙසට වාර්තා කර ඇත.

ගෙවීගිය පැය 24 ක කාලය තුළ මහා බ්‍රිතාන්‍යයෙන් මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය පැවසීය.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවට අනුව අද පස්වරු 5.00 වනවිට පුද්ගලයින් 2,352ක්  කොවිඩ් – 19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම , ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 4,324 ක් වාර්තා වී තිබේ.

Related posts

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

ඉන්දියාවේ ඉන්ධන මිල පහළට..ශ්‍රී ලංකාවේ?

Mohamed Dilsad

Leave a Comment